හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක මංකොල්ලයක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ පිස්තෝලයක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් ඇති බවයි.
යතුරුපැදි දෙකකින් පුද්ගලයින් 04 දෙනෙකු පැමිණ ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඉන් දෙදෙනෙකු රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් වෙළඳසැළට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
රුපියල් ලක්ෂ 03ක මුදලක්, මුදු 36ක් හා පෙන්ඩන්ට් 46ක් ඔවුන් විසින් රැගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.