විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂ ලාංඡනය යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා නොදෙන බව අපේ ජාතික පෙරමුණේ සභාපති ආචාර්ය සේනක ද සිල්වා පවසනවා.
සිය පක්ෂය සමගි ජනබලවේගය නමින් නම් කර එහි නායකයා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කළේ රට වෙනුවෙන් සේවය කිරීමට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
කෙසේවෙතත් සමගි ජනබලවේගය, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් නොවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවා.
මේ අතර තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ, එම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලේ ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළ විනිසුරු මඩුල්ල, එදින එම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.