යුක්‍රේනයේ ඊසානදිග ප්‍රදේශයේ කාර්කිව් නගරයට රුසියාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි කාර්කිව් නගරය යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වනවා.
මිසයිල ප්‍රහාරයෙන් එරට ගොඩනැගිලි 26කට හානි සිදුවී ඇති බවත් ඉන් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් එම ගොඩනැගිලි මොනවාදැයි යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ මිසයිල ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේවෙතත් යුක්‍රේනය පවසන්නේ කාර්කිව් ප්‍රදේශයේ සටන් තීව්‍ර කරමින් රුසියානු ප්‍රහාරයන් මැඩලීමට උත්සහ කරන බවයි.
ප්‍රහාරය හේතුවෙන් කාර්කිව් සහ ඒ අවට ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇති බවට සඳහන්. යුක්‍රේනයේ සිවිල් වැසියන්ට පහර දීම රුසියාවේ මෙම ප්‍රහාරයන්හි ඉලක්කය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් එම ප්‍රකාශ රුසියාව විසින් මෙම ප්‍රහාරය මොස්කව් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.