එළබෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම සිදු වුණා.
ඒ, ජා ඇල ප්රදේශයේදීයි.
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන ජර්සිය නිර්මාණය කළේ මූස් ක්ලෝතින් සමාගම විසින්.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම ජර්සියට මෙරට සංචාරක මර්මස්ථාන ඇතුළත් කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උත්ප්‍රේරකයක් වනු ඇති බවද එය නිර්මාණය කළ සමාගම පවසනවා.
ඒ අනුව මෙම ජර්සියට මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම ඇතුළු ස්ථාන රැසක් අයත්.
ජර්සිය එළි දැක්වීමේ අවස්ථාවට විස්සයි විස්ස ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එක්ව සිටියා.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 01වැනිදා ආරම්භ වන අතර, ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 03 වනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.