2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
වනිඳු හසරංගයේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර ඊට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද මෙම සංචාරයට එක්කර ගැනීමට ක්‍රිකට් බලධාරින් පියවරගෙන තිබෙනවා.
මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා තෝරාගෙන ඇති කණ්ඩායම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග මාධ්‍ය හමුවේ කියා සිටියේ.
මේ අතර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මුණ ගැසුනා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එලඹෙන ජූනි මස 02වනදා සිට 29වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතයි.