2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා.
ක්‍රීඩකයින් 19 දෙනෙකු සහ කළමනාකරුවන්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනෙකුගෙන් යුතු පිරිසක් එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 651 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගිය අතර එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 02වනදා සිට 29වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ අමෙරිකා එස්කත් ජනපදයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.