ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට එක් වූ දෙවන කණ්ඩායම බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි වී තිබෙනවා.
ඒ ඊයේ පැවති තරඟයෙන් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමත් සමගයි.
මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත් වුණා.
ඒ අනුව මේ වන විට ඉතිරි කණ්ඩායම් 02 තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ උණුසුම් තත්ත්වයක්.
ඒ කණ්ඩායම් 05කට ඒ සඳහා අවස්ථාව උදා වී තිබීමයි.
ඒ අතරින් වැඩිම අවස්ථාවක් පවතින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි.
ඒ ඔවුන්ට තවත් තරඟ 02ක් ඉතිරි වී තිබීම හේතුවෙන්.
කෙසේවෙතත් චෙන්නායි සුපර් කින්ග්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ ලක්නව් යන කණ්ඩායම්වලට තවත් ඇත්තේ එක් තරඟයක් පමණයි.