පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම තැන් ගැනීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ශ්‍රේණිගත කිරීමට අනුවයි.
වනිඳු සමග පළමු ස්ථානයේ සම තැන් ගෙන ඇත්තේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්.
පන්දුවාර විස්සයි විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ එක් ස්ථානයක් පහළ යමින් දසුන් ශානක 18වන ස්ථානයට පත්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ තුන් වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබීට හිමිව ඇති අතර සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේහි සිකන්දර් රාසායි.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භයට දින 17ක් ඉතිරිව තිබියදී මෙම නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.