Sunday, November 24, 2024

General line - 0115112241

බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක්




අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා.

අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන  මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසර තුල අවසන් කරන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදසේ ලබා දී තිබෙනවා.

අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 10ක් අවසන් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.