ජර්මනියේ පැවැති ඇන්හෝල්ට් මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.
එම තරඟය ඔහු ජයගෙන ඇත්තේ තත්පර 10.16ක කාලයක් සටහන් කරමින්. 2020, 2021, 2022 වසරවලදී ද යුපුන් අබේකෝන් මෙම තරගය ජයගෙන තිබීම ද විශේෂත්වයක්.
මේ අතර ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්රීඩා ලෝක ශූරතාවලියේ දී ත්46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ දිනේෂ් ප්රියන්ත එහි රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත්වුණා.
ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්. තෙවන අවස්ථාව අවසානයේ දිනේෂ් ප්රියන්ත යම් ආබාධයකට ද මුහුණ දුන් අතර එසේ නොවුනානම් තරගයේ තීරණය වෙනස් වන්නට ද ඉඩ තිබුණා.
අවසන් අවස්ථා වටය වන තෙක්ම දිනේෂ් පළමු ස්ථානයේ රැදී සිටි අතර අවසන් අවස්ථාවේ කියුබානු ක්රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර් 65.16ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවා.