Sunday, November 24, 2024

General line - 0115112241

මහඑලිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු හත්දෙනෙක් අත්අඩංගුවට.

හැටන් රංජිත් රාජපක්ෂ 




කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු (09) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාශ පවසනවා.

එම රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් පිරිසක් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර සැකකරුවන් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ 
.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ වතුයායක පදිංචි අවු 20-30 වයස් කාණ්ඩ පසුවන අය බවත්, සැකකරුවන් හත්දෙනාට මේ මස (14) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබා දි සැකකරුවන් හත්දෙනා ඇප මත මුදා හැර තිබුනා