Saturday, November 23, 2024

General line - 0115112241

පානදුරදී බස් රථ දෙකක් ගැටී එක් අයකු මරුට හතර දෙනෙකුට තුවාල

සම්පත් කුලරත්න




පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් තවත් අයෙකු තවත් හතර දෙනකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන හයට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කර සිටියේ 

පෞද්ගලික බස් රථය  කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් කොට ඇති අතර ලංගම බස් රථය පානදුර බස් නැවතුම්පොළ වෙත හැරවීමට උත්සාහ කිරීමේදී මෙම බස් රථ දෙක එකිනෙකට ගැටී තිබේ.

බස් රථ දෙක ගැටීමෙන් ලංගම බස් රථයේ සිටි මගියා මියගොස් ඇති අතර,බස් වල සිටි මගීන් හතර දෙනකුද තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවයි  පානදුර දකුණ පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර ඩිපෝවට අනික්තව සේවය කරන බස් කොන්දොස්තර වරයකු වන අතර ඔහු පානදුර බස් නැවතුම්පොළෙන් රැකියාව ආරම්භ කිරීම සඳහා එම බස් රථයෙන් පැමිණ තිබේ.මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක වයසේදී පුද්ගලයෙකි.

පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කර සිටියේ