Saturday, November 23, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද




පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි.

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් ක්‍රිඩාංගණයේදීයී.

මෙම තරඟය පැවැත්වෙන්නේ ඩී කාණ්ඩයේ තරඟයක් ලෙසයි.

ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද මෙම තරඟාවලියේ සහභාගි වන පළමු තරගය ද මෙය වනවා.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටින ප්‍රධාන කණ්ඩායම් දෙකක් මෙවර ලෝක කුසලානයේදී එකිනෙකා මුණගැහෙන පළමු අවස්ථාවද මෙයයි.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 08ටයි.

මෙම තරඟය පිළිබද සැකසූ විශේෂ විඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමටද කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමින් ප්‍රේක්ෂකයින් නෙත් ස්පෝට්ස්මන් වෙත මෙලෙස අදහස් පළකළා.


ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ක්‍ඍෂක්‍ණෑඔ ඡෑධඡඛෑ ක්‍ඹඔ 01*


මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සිය පළමු ජය වාර්තා කළා.

ඒ, පැපුවා නිව් ගීනියා කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව් ගීනියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 136 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන් එම ඉලක්කය පසුකර ගියේ කඩුලු  05 ක් පමණක් දැවී තිබියදීයි.

එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරගයක් දැන් පැවැත්වෙනවා.

ඒ, නැමීබියාව හා ඕමානය අතරයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.        

ඒ අනුව පන්දුවට පහර දෙන ඕමාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දු වාර 04යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 21ක් රැස්කරගෙන සිටියා.

නැමීබියා - ඕමාන මෙම තරඟය පිළිබඳ සැකසූ විශේෂ විඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.