පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕමානය සමග පැවති තරඟය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට නැමීබියානු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නැමීබියා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කිරීමටද හැකි වූයේ ලකුණු 109ක් පමණයි.
ඒ අනුව කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරඟයේ ජයග්රහණය තීරණය කිරීම සඳහා සුපිරි පන්දු වාරය ක්රියාත්මක වුණා.
එහිදී පළමුව පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායම සුපිරි පන්දු වාරයේදී කිසිවෙකු නොදැවී ලකුණු 21ක් රැස් කළා.
එහෙත් ඕමාන කණ්ඩායමට සුපිරි පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10ක් පමණයි.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ඩී කාණ්ඩය යටතේ ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් අද රාත්රී 08ට ආරම්භ වීමට නියමිතයි. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් ක්රිඩාංගණයේදීයී.