Saturday, November 23, 2024

General line - 0115112241

නෙදර්ලන්තය සහ නේපාලය, ශ්‍රී ලංකාව අබිබවා ලෝක කුසලානයේ පෙරමුණට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඩී කාණ්ඩයේ සිව්වන ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

ඒ, නේපාලය සමග ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් නෙදර්ලන්තය කඩුලු 06ක ජයක් ලැබීමත් සමගයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 106ක් පමණයි.

එම ඉලක්කය 19වන පන්දු වාරයේදී සපුරා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. 

ඒ අනුව ඩී කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නෙදර්ලන්තය සමත් වී තිබෙනවා.

තරඟය පරාජය වුවද ඩී කාණ්ඩයේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නේපාලයට හැකි වුණා.

ඒ, දල ලකුණු ලබා ගැනීමේ වේගය මතයි.

ශ්‍රී ලංකාව හමුවේ ලද ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව ඩී කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා. 

මේ අතර ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරඟය අද රාත්‍රී 08ට පැවැත්වෙනවා.

මෙම තරඟය පිළිබඳ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.