Saturday, November 23, 2024

General line - 0115112241

ජනපති අතින් විවෘත වූ මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව




ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin  එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව ඊයේ (06) පස්වරුවේ විවෘත  කළා.

ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා. 

එහිදී ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළා.