පන්දු වාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මේවන විට පැවැත්වෙනවා.
ඒ, අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්රීඩාංගණයේදීයි. තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 18 අවසානයේ කඩුලු 7දැවී ලකුණු 115 රැස්කරගෙන සිටියා.
පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 08කදී ලකුණු 10ක් රැස්කර සිටියදීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සමඟින්.
ඒ, සදීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්කරමින්.
පන්දු වාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් රැදී සිටීමට නම් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟය ජය ගැනීම වැදගත් වනවා.