විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 134ක පහසු ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 173ක් රැස්කළා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජෝන්ස් චාර්ල්ස් පන්දු 42කදී හයේ පහරවල් 02ක් සහ හතරේ පහරවල් 04ක් සමගින් ලකුණු 44ක් සහ රැස්කළ අතර ඇන්ඩි්ර රසල් නොදැවී පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරවල් 06ක් සමගින් ලකුණු 30ක් ලබාගත්තා.
ලකුණු 174ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 12ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 39ක් පමණයි.
උගන්ඩා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනේ ලකුණු 12ක් ලබාගත් ජුමා මිහාගි වන අතර අනෙක් සෙසු ක්රීඩකයන්ට ලකුණු 10යේ සීමාව පසුකර යෑමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අබේලා හුසෙයින් ලකුණු 11ට කඩුලු 05ක් බිඳහෙළුවා.
උගන්ඩා කණ්ඩායම රැස්කරගත් ලකුණු 39 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී කණ්ඩායමක් රැස්කළ අවම ලකුණු වාර්තාව සමවීමක් වශයෙන් සැලකෙනවා.
මීට පෙර 2014 වර්ෂයේදී ශ්රී ලංකා හමුවේ නෙදර්ලන්තය ලකුණු 39කට දැවී ගියා.