විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ තවත් තීරණාත්මක සහ ලෝකයේ වැඩි අවදානයක් දිනාගත් තරගයක් අද රාත්රී 08ට නිව්යෝර්හි නාසාවු ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
ඒ, පකිස්ථානු කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතරයි.
“ඒ” කාණ්ඩය යටතේ මෙම තරඟය පැවැත්වෙන අතර මීට පෙර පැවැති පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම පරදවා කඩුලු 08ක පහසු ජයක් හිමිකර ගත්තා.
එමෙන්ම පකිස්ථානු කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැති තරගයෙන් පකිස්ථානු කණ්ඩායම පරදවා අමෙරිකානු කණ්ඩායම ජය හිමිකර ගත්තා.
සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් පකිස්ථානු කණ්ඩායම මෙම තරගය ජය ගැනීම අනිවාර්ය බවයි ක්රිකට් විචාරකයින් පවසන්නේ.
මේ අතර ඉන්දියා - පකිස්ථාන තරගාවලිය සඳහා සියලුම ටිකට්පත් ද මේවන විට අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.