Friday, October 25, 2024

General line - 0115112241

තැපැල් වර්ජනයෙන් භාණ්ඩ ලක්ෂ 10ක් ගොඩගැසෙයි




තැපැල් සේවකයින් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ අද දිනයේ කිසියම් තැපැල් භාණ්ඩයක් භාර ගෙන ඇත්නම් ඒවා බෙදාහැරීම හෙට සිදු කරන බවයි. 


කෙසේවෙතත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බවයි. 


වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළා. එහෙත් වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි.