Saturday, November 23, 2024

General line - 0115112241

විශේෂ ආරක්ෂාවක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට

ටී කේ ජී කපිල




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

ඒ, උදෑසන 08යි 40ට පමණ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින්. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද දිනයේ ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

“සිල්ක් රූට්” පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කෙරෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එම මුදල් ගෙවා පිටව ගොස් ඇති  බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් නිසි පරිදි ක්‍රීඩා නොකළ බැවින් ශ්‍රී ලංකා පිලට ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

මෙවර ලෝක කුසලානයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ එක් තරඟයක් පමණයි.