Sunday, September 8, 2024

General line - 0115112241

ඉසුරු උදාන දක්ෂතම ක්‍රීඩකයින් අතර පෙරමුණට




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අතරින් දක්ෂතම ක්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට  ඉසුරු උදාන සමත් වී තිබෙනවා.

ඒ, ගෝල් මාවලස් කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් ලකුණු 124ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 10ක් දවා ගනිමින්.

ඔහු තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියායි.

එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 60ක් සහ කඩුලු 08ක් බිඳ හෙලූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය දරන දසුන් ශානකයි. 

තරඟාවලියේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයින් අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 297ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 226ක් රැස් කරමින් ඉදිරියෙන්ම පසු වනවා. 

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වීමට නියමිතයි.