Thursday, October 31, 2024

General line - 0115112241

ජමුතුවක් අලෙවි කිරීමට ගිය පෞද්ගලික බස් රියදුරන් දෙදෙනෙකු දඹුල්ල නගරයෙදී අත්අඩංගුවට 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස




ජමුතුවක් රුපියල් ලක්ෂ පනහක මුදලකට මැණික් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට ගිය පෞද්ගලික බස්   රියදුරන් දෙදෙනෙකු දඹුල්ල නගර මධ්‍යයේදී මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගනුදෙනුව පිළිබඳව දඹුල්ල පොලිස් විශේෂ කාරයන්ශයේ  නිලධාරියෙකුට ලද තොරතුරක් මත මාතලේ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්   මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන ගොස් මෙම ගනුදෙනුව සිදුකරන අවස්ථාවේ දී ගජ මුතුව සමග සැකකරුවන්  කොටු කර ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරන් දෙදෙනකු බවත්  විදෙස් රටක සිටින චීවර ධාරීයෙකු විසින් මෙම ගජමුතුව  අලෙවි කිරීම සඳහා සැලසුම් සකස් කොටස තිබුණු බවත් සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ.

බස් රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා දඹුල්ල නගර මධ්‍යයේ කැකිරාව බස් නැවතුම්පොළ ආසන්නයේ හෝටල් කිහිපයකට ගොස් වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීන්ට මෙම ගජමුතුව පෙන්වා  පරික්ෂා කොට බලා  පෞද්ගලික බැංකුවක් අසලට ගනුදෙනුව සිදුකිරීම සඳහා යන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා කොටු කර ගැනීමට හැකි වූ බවයි  මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පවසා සිටියේ.

රියදුරන්ගෙන් ප්‍රශ්න කිරිම් වලදී පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම ගජමුතුව බස් රථයක වැටී තිබී අසුලා ගත් එකක් බවත් මෙම ගජමුතු  ලබාගත් ආකාරය සහ ඝාතනය කරන ලද ඇතුන් පිළිබඳව සොයා බැලා ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.