Saturday, September 7, 2024

General line - 0115112241

වසර 10ක් තුළ යාපනය දියුණු කරන බවට ජනපතිගෙන් පොරොන්දුවක්




දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඉදිරියේදී පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතුද ආරම්භ ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

“යාපනය - කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. 

ඉදිරි වසර 10 ඇතුළත යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.