Saturday, November 23, 2024

General line - 0115112241

ඔලිම්පික් උළෙලේ තරුෂිගේ අවසන් බලාපොරොත්තුවත් බොඳ වෙයි




පැරිසියේ පැවැත්වෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුවද අද බිඳ වැටුනා.

එම ඉසව්වේ හතරවෙනි මූලික තරගය සඳහා තරුෂි කරුණාරත්න අද තරග වැදුනා.

එහිදී ඇයට හිමිකර ගැනීමට හැකි වූයේ හත්වෙනි ස්ථානයයි.

තරුෂි එහිදී වාර්තා කළ කාලය දැක්වුනේ මිනිත්තු දෙකයි තත්පර බින්දුවයි හයයි දශම හයයි හයක් ලෙසයි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 මූලික වටයේ 06 වෙනි තරගයට ඊයේ සහභාගී වූ තරුෂි කරුණාරත්න එහි 08 වන ස්ථානයට පත් වුණා.

ඇයට ඒ සඳහා ගත වූ කාලය මිනිත්තු දෙකයි තත්පර හතයි දශම හතයි හයක්.

තරඟයට සහභාගී වූ තරඟකාරියන් 50 දෙනා අතරින් තරුෂිට හිමි වුණේ 45 වෙනි ස්ථානයයි.

සෑම පළමු වටයේ තරඟයකම පළමු ජයගග්‍රාහකයින් තුන් දෙනා ඊළඟ වටයට සුදුසුකම් ලබනවා.

එමෙන්ම පරාජිතයින් වෙනුවෙන් අද පැවති තරග වටයට සහභාගී වීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්න අද හතරවෙනි මූලික තරගය සඳහා එක්වුනා.

එහිදී ඇය හත්වන ස්ථානය හිමිකර ගැනීම හේතුවෙන් ඇයට එම තරග ඉසව්වේ ඉදිරි තරග අහිමි වුණා.