Saturday, November 30, 2024

General line - 0115112241

වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසට ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

උදය කුමාර




වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ, රුපියල් 50,000ක නඩු ගාස්තුකට යටත්වයි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.