Saturday, November 30, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ රැකියා හිමි වූ 350 වන කණ්ඩායම පිටත්ව යයි




දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත්  ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු අද දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ගතවූ මාස 8ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ තවත් තරුණයින් සිය දෙනෙකුද ඉකුත් දා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.