Saturday, November 30, 2024

General line - 0115112241

මෙම වසරේ අවසන් කාර්තුවේදී ජනතාවට තවත් සහන - ජනපති මොණරාගලදී කියයි




රජය ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් මෙම වසරේ අවසන් කාර්තුව වන විට ජනතාවට තවත් සහන හිමි වනු ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මොණරාගල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රට ගොඩනඟන සිය ආර්ථික වැඩපිළිවෙළ ඇතුළත් ප්‍රතිපත්ති මාලාව සෑම නිවසකටම රැගෙන එන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පූගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

වසර කිහිපයකින් රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි වැඩපිළිවෙළක් සිය පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.

පොළොන්නරුව නගරයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

දේශීයත්වයට මුල් තැන දෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට සංවර්ධනය කරා රැගෙන යාම සිය වැඩපිළිවෙළ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසුවා.

ඉංගිරිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.