Saturday, November 30, 2024

General line - 0115112241

සැප්තැම්බර් 22ඉදන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇත්තේ ජනපති ගාව බව  ආශු  කියයි 




පස් වසරක පුළුවන් ශ්‍රී ලංකා මෙහෙයුමේ ඇත්තේ කරන්න පුළුවන් දේවල් බවත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළාට පස්සේ විසි දෙක සිට  ක්‍රියාත්මක කල හැකි බවත් අනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශන එසේ ක්‍රියාත්මක කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී 

එහිදී මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කර සිටියේ මෙවැන්නක් 


" මගේ අතේ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශන 3ම. 

මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය, මේකේ දේවල් බැලුවහම ඇති දේකුත් නැහැ නැති දේකුත් නැහැ. 

මේක හදපු කණ්ඩායම එකිනෙකට පරස්පර කණ්ඩායමක් හදලා තියෙන්නේ. 

ඒගොල්ලෝ දන්නෙ නැහැ මෙච්චර කල් රටේ ක්‍රියාත්මක වෙන දේවල්.ඒව කොපි කරලා මේකේ දාලා තියෙනවා. 

මට තේරෙන්නෑ මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද. නැත්නම් රටේ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන ගැන තියෙන ලියවිල්ලක් ඒගොල්ලොන්ගෙ වගේ ලියලා තියෙනවා.

මේකෙ තියෙන ගොඩක් ඒව ලියල තියෙන්නෙ වැසි වැස්සොත් ගඟ පිරෙයි වගේ ඒවා. 

සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තියෙන්නේ " මව්බිම සමෘද්ධිමත් දේශයක් කරා මෙහෙයවමින් සියලු පුරවැසියන්ගේ ජනජීවිතය සුරක්ෂිත කරවීම  මාගේ ඒකායන අභිප්‍රායයි". ඒක මගේ එකක්.

පස් වසරක පුළුවන් ශ්‍රී ලංකා මෙහෙයුමේ තියෙන්නේ කරන්න පුළුවන් දේවල්. 

මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළාට පස්සේ විසි දෙක ඉඳන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. 

මේ අනිත් දෙකේම එහෙම ක්‍රියාත්මක කරන්න බැරි දේවල් තියෙන්නෙ. 

පළවෙනි එක තමයි අයිඑම්එෆ් වැඩසටහන් නවත්වන්න වෙනවා.අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරනවා කියලා තියෙනවා.

මාස 6කට  විතර එක නැවතුනු ගමන් මේ රට වැටෙනවා. මේ දෙකම ක්‍රියාත්මක කරොත් අනිවාර්යයෙන් රට වැටෙනවා. 

මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන අවුල තමයි ජනතාව රැවැට්වීම. වැසි වැස්සොත් ගඟ පිරෙයි වගේ ඒව තියෙනවා. 

“මාලි මාව විසි එක්වනදා බලයට ආවිට විදේශ ප්‍රේෂණ තවත් වැඩිවී නව විදෙස්ගත ලාංකීය ආයෝජන  වැඩිවේවි”

"මේකෙ නැත්තේ බැලුවහම දිනකට පැය දොළහක් ඉර පායන බව සහතික කරනු ලැබේ" වගේ එකක් විතරයි නැත්තේ. 

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ හුදු ලියවිල්ලක් නොවිය යුතුයි. 

ජනතාවට අවුරුදු පහේ කරන්නේ මොනවද කියලා දැක්ම පැහැදිලිව පෙන්වා දිය යුතුයි.මේකෙ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් යෝජනා කරල තියෙනවා.

අපි ඉදිරිපත් කළා අධ්‍යාපනය හා අංශක අධීක්ෂණ කාරක සභාවේ STEM අධ්‍යාපනය අවුරුදු දහයක සැලැස්ම.සභාපතිවරයා විදිහට ඉදිරිපත් කළේ මම. එනිසා මම එකේ මොනවද තිබුණේ කියලා හොඳටම දන්නවා.

ඒ රිපෝට් එක කොපි කරලා.අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දේවල් මේ තියෙන්නේ.ඒක අද ක්‍රියාත්මක වෙනවා මේ රටේ.

මං හිතන්නේ මේ කට්ටිය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ටිකවත් කියවලවත් නෑ.  යෝජනා කරලා තියෙනවා වෘත්තීය හා අධ්‍යාපන දෙකෙන්ම තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙනවා කියන එක.දැනටමත් ඒක හදලා ඉවරයි.

මේක ලියපු අය ජාතික ජන බලවේගයේ එක කොටසක් ලියනවා තවත් පිරිසක් එකට එකතු කරනවා.මේ ආකාරයට ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්න බැහැ.

 පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිතුමා හොඳටම දන්නවා.එයා බලලා හොඳටම කියවලා. මේක තමයි කියලා කරන්න පුළුවන් වැඩසටහනක්. 

පැය භාගයක් අරන් හරි කියවන්න පුළුවන්.මේක පිටු දෙසිය තිස් ගානක් තියෙනවා.කියවන්න දවසක් විතර යනවා.

හැබැයි මේකෙ එක දෙයක් තියෙනවා ඒකනම් ඒගොල්ලෝ කරයි. 

මේකේ තියෙනවා නවකවදය නැති කරනවා කියලා.පුළුවන්. 

ඒගොල්ලනේ නවකවදය කරන්නේ. නවක වදය දීල තමයි JVP කරගන්නේ. 

ගම්වල ඉඳන් එන අහිංසක දරුවෝ ටික නවකවදය දීලා ඒගොල්ලොන්ගේ පැත්තට හරවා ගන්නවා. ඒක තමයි නවකවදය වැඩසටහනේ හැටි ඒක ජේ.වී.පී. එකෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. 

එනිසා නවකවදය දෙන අයට ලෙසියෙන් එක කරන්න පුළුවන්. එච්චරයි මන් දකින්නේ කරන්න පුළුවන් දේකට.අනිත් දේවල් තැනටමත් කරලා තියෙන, කරගෙන යන දේවල්.

සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අන්තිම පිටුව කියවන්නම්. කොහොමත් එයාගේ තියෙන්නේ මම කියලනේ. මම තමයි. මගේ වැඩක්. මේක කාගෙ වැඩක්ද කියලා ෂුවර් නැති වැඩක්. 

රටක් හැටියට ඉදිරියට යන එක ගැන හිතලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිතුමාගේ රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශනය විතරයි. මේකෙ අග පිටුව කියවන්නම් මම. 

" ඔව් මේ ඡන්දය රනිල් දිනනවා. 

අපි අවුරුදු දෙකකට කලින් දැක්කේ පෝලිම්. ගෙවල් කළුවරයි. රස්සාවක් කරකියාගන්න විදියක් නෑ. 

අත මිට හිඟයි. ඒත් අද අපි දකින්නේ සතුටින් හිනා වෙලා ඉන්න, විදුලියෙන් බබළන රටක්. දෙයියනේ කියලා රස්සාවක් කරගෙන අත මිටි සරු කරගන්න පුළුවන් පරිසරයක්. 

මේ මහා වෙනස කළේ රනිල්.රනිල් අභියෝග බාරගන්න නායකයෙක්.පටන් ගත්තු වැඩ ඉවර කරන්න. ජනතාවට සින්නක්කර ඉඩම් ලබාදෙන වැඩසටහනට ඔහු  මුලපිරුවේ මීට අවුරුදු විසි තුනකට කලිං.  

එදා සිට ඔහු මේ වෙනුවෙන් වෙහෙසුනා. ඔහුට ඉහලින් සිටි ජනාධිපතිවරුන් මේකට අවසර දුන්නේ නැහැ. රනිල් වැඩේ අත්හැරියෙත් නැහැ.ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය විතරක් නොවේ.නිවාස අයිතියක් දැන් ලැබෙනවා.

අදට වඩා අපේ ජීවිත යහපත් කරන්න ශක්තිය තියෙන රනිල්ට.නමුත් අපේක්ෂකයෝ එකිනෙකා ජනාධිපතිකමට සටන් කරද්දී රනිල් ඒ සටනට එක්වෙන්නේ නැහැ. රනිල්ට ඒ එක් එක් පුද්ගලයන්ට එරෙහි සටනක් නැහැ.රනිල්ගේ සටන් තියෙන්නේ අගහිඟකමට එරෙහිව විරැකියාවට එරෙහිව. දුප්පත් කමට එරෙහිව. මන්තපෝෂණයට එරෙහිව”

අපි බිම යනවා ඇවිදිනවා.මහා හඬක් ප්‍රේෆයිල් වලින් "ජය වේවා මාලිමාවට" කියලා ගහන්නෙ නැති වුණාට රටම රහසින් රනිල්ට.

මේක හරියට කරන්නේ ජනාධිපතිතුමා නම්, මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපතිතුමා නම් , මේ වැල් පාලමෙන් නම් යන්නේ, අපිට මේක ගැන බලන්න දේකුත් නැහැ.හැබැයි මේකෙ තියෙන්නේ "මම" ගැන කියලා.ඒකයි මම වෙනස ගත්තේ.මේක හැම තැනම තියෙන්නේ

 "මම".මේකේ තියෙන්නේ "රට" ගැන.ඔය දෙකේ වැනස තියෙන්නේ. " මම"ද "රට"ද කියන එක. මම පැරදුනොත් යාලට යනවා. 

රට පැරදුනොත් මොකද වෙන්නේ රට විනාශ වෙනවා. ඉතිං ඔය දෙක විතරයි තේරුම් ගන්න තියෙන්නේ."