Saturday, November 30, 2024

General line - 0115112241

පරිසර සංවිධාන වලින් ඉල්ලීමක් 

නිරෝෂන් කොළඹ




මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරන්න ලෙස පරිසර සංවිධාන ජනපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා 

මේ බව සඳහන් කර සිටියේ අලි සංඝණනය , අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අද ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී 

පරිසර සංවිධාන පවසන්නේ අද වන විට ලංකාව මුහුදට පෙලාතින් දමන රටවල් අතර පස්වන ස්ථානයට පත්වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසා සිටියේ මෙවැන්නක් 


‘‘නව වන විධායක ජනපති පත් කරගැනීම උදේසා විශාල සටනක් මෙි වනවිට රට තුළ ඇති වී තිබෙනවා.  අපි ඒ හැම ජනාධිපති අපේක්ෂකයෙකුගෙන්ම පොදු ඉල්ලිම් කිහිපයක් සිදුකරනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම කරන්න හෝ භාවිතා නොකරන්න කියලා. හේතුව අද වන විට ලංකාව මුහුදට පෙලාතින් දමන රටවල් අතර පස්වන ස්ථානයට පත්වොලා තිබෙනවා.                                          

ඒ වගේම මැතිවරණයෙන් බලයට පත්වන ජනාධිපති ප්‍රමුඛතාවය ලබාදිය යුතු කාර්‍යන් කිහිපයක් තිබෙනවා.         

ඒ වගේම සත්ව හා මිනිස් ගැටුම අවම කිරිමට නිසි වැඩ පිලිවලක් සැදිය යුතුයි.  

උදාහරණයක් ලෙස පසුගිය වසර 06 තුල දිවියන් 100 මියගොස් තිබෙනවා, 

පසුගිය වසර තුල අලි ඇතුන් 470 මියගොස් තිබෙනවා.                          

ඒ වගේම ලංකාවේ වන ගහනය මේ වනවිට පවතින්නේ සියයට 16ත් 20ත්  අතර ප්‍රමාණයක්. 

මෙම වන ගහනය වැඩි කිරීම සියයට 25 ක් දක්වා වැඩිකිරිම , ඒ වගේම දේශගුණික විපර්‍යාස සඳහා මුහුණ දීමට ජනතාව හා පරිසරය සුදානම් කිරීම ,  ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේදී  පරිසර ආර්ථිය සදහා මුල් තැනක් ලබාදීම ඉදිරියේදී පත්වන පාලකයන්ගේ ප්‍රධාන වගකිමකි. "