Saturday, November 30, 2024

General line - 0115112241

රජයේ සේවකයන්ට ආණ්ඩුව ලබාදී ඇත්තේ පොරොන්දුවක් නොව සහතිකයක් බව සියඹලාපිටිය කියයි 

නිහාල්සිරි ගම්ලත්




රජයේ සේවකයන්ගේ ගැටළු කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් , එම ගැටළු වලට විසඳුම් ලෙස රජය ඉදිරිපත් කර ඇති යෝජනා හුදු පොරොන්දු පමණක් නොවන බවත්, එය රජයේ සේවකයන්ට ලබාදුන් සහතිකයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පස්වරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී .වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වී තිබුණද, ආන්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය හේතුවෙන්  මෙම වසර ආරම්භයේදී රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළ බවයි.

" රාජකාරිය කිරීම මරණිය දණ්ඩනයට හිමිවන වරදක් වූ යුගයක් තිබුණා.. 

රජයේ සේවකයන්ට ආණ්ඩුව ලබාදී ඇත්තේ පොරොන්දුවක් නොව සහතිකයක් "