Saturday, November 30, 2024

General line - 0115112241

සංවිධානාත්මකව රෙදි පිළි සොරාගත් කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

සම්පත් කුලරත්න




කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත  සිදුකළ වැටලීමකදී  නවීන පන්නයේ මෝටර් රථයක් යොදාගෙන රාත්‍රී කාලයේදී වෙළඳසේවලට ඇතුළු වී වෙළඳසැල්වල භාණ්ඩ රැසක් සොරකම් කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් සමන්විත සංවිධානාත්මක  කල්ලියක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.විය.

පසුගියදා මතුගම නගරයේ පිහිටි රෙදි පිළි වෙළඳසැලකට රාත්‍රී කාලයේදී ඉතා සූක්ෂම ලෙස වෙළඳසැලේ සීසී ටීවී කැමරා පද්ධතිය අක්‍රිය කරමින් ඇතුළු වී එම වෙළඳසැලේ තිබූ ලක්ෂ හැටකට ආසන්න රෙදිපිලි සොරකම් කර ඇති බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම ආරම්භ කර තිබුනා 

එහිදී එම සොරකමට පැමිණි මෝටර් රථය අවට පිහිටි සීසී ටීවී  කැමරා මගින් සටහන් කොට  ඉන්පසුව එම වාහන අංකය අනුව  දුරකථන දත්ත වාර්තා අනුව සැකකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

එම පුද්ගල කණ්ඩායම  අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ  දැනට බොහෝ කාලයක් තිස්සේ නොචියාගම සහ බෝගස්වැව ප්‍රදේශවල තවත් සොරකම් රැසක්ම මෙම කණ්ඩායම සිදුකොට ඇති බවයි. 

තවද සොරකම් කරන ලද තවත් ගෘහ විදුලි උපකරණ රූපලාවන්‍ය උපකරණ රැසක්ම පොලිසිය විසින් සොයාගැනීමට හැකි වී තිබෙනවා.

මොවුන් සොරකම් කරන ලද රෙදි පිළි වෙනත් උපකරණ බොහොමයක් දිවයිනේ විවිධ කුඩා පරිමානයේ වෙළෙදසැල් වලට අලෙවි කොට ඇති බවටද සිදු කළ විමර්ෂණ වලද අනාවරණය වී ඇත.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වවුනියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයෙකි.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.