Saturday, November 30, 2024

General line - 0115112241

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෙත්සමේ තීන්දුව කල් යයි

උදය කුමාර




හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තැබුවා.

ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන, නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල රහිත කරන ලෙසත් තමන්ව මුදාහරින ලෙස ඉල්ලමින්.

තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබන බව අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුන් මඩුල්ල නිවේදනය කළා.