Saturday, November 30, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමති අරුන්දික ස්වාධීන වෙයි - සජිත් රනිල් එකතු වෙන්නත් ඉල්ලයි




නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව අද දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. ඔහු එහිදී ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසටද ඉල්ලීමක් කළා. 

" ගරු කතානායකතුමණි මෙතන ඉඳලා මම ස්වාධීනව අද සිට මම ස්වාධීනව ,මේ රට මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්ක සකච්චා කරන්න මම ආරම්භ කරනවා . මම කවදාකවත් අඩුම ගානේ මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව වත් හමුවෙලා නෑ .මම ගරු අග්‍රාමාත්‍ය තුමා දන්නවා .අපි මේක සද් බාවයෙන් වැඩ කරන්නේ . අපිට පේනවා මේ විනාසේ. හැබැයි මේ විනාසය වෙන අවස්ථාවේදී මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුලුවන්නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතුවෙන්න..පුලුවන්නම් මේ රටේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න . මම අද ඉඳලා ස්වාදීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ද සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක මම සාකච්චා කරනවා."

පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.