Saturday, November 30, 2024

General line - 0115112241

තැපැල් ඡන්දයේ පළමු දිනය ඇරඹෙයි




ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින තුනක් ලබා දී ඇති අතර එහි පළමු දිනය අදයි.

මෙහිදී තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත් ලක්ෂ 12,319ක්. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකුණු කිරීම මේ වන විට සිදු වන බවයි. 

" මැතිවරණ දෙපාර්තුමේන්තුව වන කාර්යාලයත් ඒ වගේම දිස්ත්‍රික් ලේඛම් කාර්යාල පරිශ්‍රයන් හි පිහිටි රාජ්‍ය ආයතනත් ඒ වගේම පොලිස් දෙපාර්තුමේන්තුවේ පොලිස් ස්ථාන සහ ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල වැනි විශේෂයෙන්ම ඔවුන්  සියලුම නිලධාරීන් සහ සිවිල් අය සඳහා පොලිස් දෙපාර්තුමේන්තුවේ කටයුතු කරන, මේ ඡන්ද විමසීම තමයි අද දිනයේදී සිදු කරනු ලබන්නේ . හෙට දිනයේදී අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන  5 සහ 6 යන දින දෙක තුල අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන වල තැපැල් ඡන්ද කටයුතු සිදු කරනු ලබනවා."


මෙම දින තුනේදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් සිදු කළ යුත්තේ කුමක්ද? 

එම දින දෙක තුලදී තමන්ගේ නියමිත ස්ථානයේ ඡන්ද කටයුතු හැකියාව නොලබන  තැපැල් ඡන්ද දායකයින්ට 11 සහ 12 කියන දින දෙක තුලදී අවස්ථාව ලැබෙනවා තමන්ගේ  ආයතනය පිහිටි  දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයෙදී හමන්ගේ තැපැල්  ඡන්දය සලකුණු කිරීමට. අපි ඉල්ලීමක් කරනවා සියළුම තැපැල් ඡන්ද දායකයින්ගෙන් එම දින තෙක් ඉන්න අවශ්‍යතාවයක් නෑ  ඔබට නිශ්චිතව වෙන් කරන ලද 4, 5 සහ 6 අදාල දින වලදී ඔබේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම ඔබටත් පහසුවක් මේක කොමිෂන් සභාවටත් පහසුවක්  "

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ තැපැල් ඡන්ද විමසීම මේ දක්වා ඉතා සාමකාමී බවයි.