Saturday, November 30, 2024

General line - 0115112241

අනුර කුමාර IMF ගිවිසුමේ හොඳ ගැන කතා කරයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුමේ පරාමිතීන් අයහපත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තම පාලනයක් යටතේ ඒක පාර්ශවිකව අදාළ ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු නොකරන බවයි. 

" අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සකස් කොට තිබෙන  පරාමිතීන් ප්‍රමාණයක්  තියනවා අපි විසින් සම්පුර්ණ කලයුතු. ප්‍රථමික ගිණුමේ ශේෂය 2.3ක් අපි රඳවා ගත යුතුයි ලබන වසරේදී. 2032 වෙනකොට අපේ ණය අනුපාතය 98%ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් අපිට ලබා දී තිබෙනවා. ඒ පරාමිතීන් ගත්තහම ඕවා රටකට අහිත කර නැ .පරාමිතීන් ඒ ආර්ථික ඉලක්ක  ලඟා කර ගැනීම නරක ආර්ථික ඉලක්කයක් නෙමෙයි. කවුරු විසින් ලබා දුන්නත් එය ආර්ථික ඉලක්ක කියන ඒවා නරක ඒවා නෙමේ .ප්‍රථමික ගිණුමේ ධන අතිරික්තයක් පවත්වාගෙන යාමට සමත්වීම. අපේ ණය බර ජාතික නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට ලංකර  ගැනීම. එක රටකට හිතකරයි. ප්‍රශ්නේ පැන නගින්නේ එම පරාමිතීන් ඉටු කර ගැනීම සඳහා යන මාවත එකට එක් එක්  යෝජනා තිබිය හැකි . ඒ නිසා අපි එය ඉදිරිපත් කොට තිබෙන පරාමිතීන් ඔවුන්ගේ ඉලක්කයන් සහ  අපේ ඉලක්කයන් ඒවා සම්පුර්ණ කර ගැනීම සඳහා තිබෙන රාමුව ඇතුලේ තමයි අපේ සියලු සාකච්චා සහ වෙනස් කිරීම් සිදු කරනු ලබන්නේ. එක බිඳ වැට්ටෙන  රාමුව ඇතුලේ නෙමෙයි එය රාමුව එළියේ නෙමේ එය රාමුව ඇතුලේ . ඒ නිසා මම ජනාධිපතිවරයාට කියනවා නැවත සමාජයට අනියත බියක් හදන්න එපා . ඔහු හදන බිය විසින් තමයි කොටස් වෙළඳපොළ කඩා වැටෙන්නේ."
රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සංවර්ධන කටයුතු සඳහා විදෙස් ආයෝජකයින් පැමිණීමේ සූදානමින් පසුවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම තොරතුරු තාක්ෂණ ගම්මාන බිහි කරන බවයි. 

" මේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුල සිස්ටම් චේන්ජ් එක ක්‍රමයේ වෙනස ඒ මහා ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි සක්වළ හුස්ම වැඩ සටහන් යටතේ අපි ඉටු කරලා තියනවා කියන එක මං ඔබට කියන්න කැමති . බලයක් නැතුව නතුරු නැතුව රාජ්‍ය ප්‍රතිපාදන නැතුව ලක්ෂ දහා දාහක සේවාවක්  අපේ රටේ නිදහස් අධ්‍යාපනයටයි නිදහස් සවුඛ්යටයි අපි ඉටු කරලා තියනවා කියන එක. මම මගේ කණ්ඩායම වෙනුවෙන් අපි වෙනුවෙන් මම ආඩම්බරෙන් ඔබට  ප්‍රකාශ කරනවා.ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශ 16යේම තොරතුරු තාක්ෂණ උද්‍යාන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා .මේ වන විටත් විවිධ සෘජු විදේශ යෝජන අපේ රටේ .ප්‍රාදේශීය ලේඛම් උප ලේඛම් බල ප්‍රදේශ 341ටම එන්නට කැමැත්ත පල කරලා තියනවා.ප්‍රධානතම හේතුව මොකද්ද නොයෙන්න ව්‍යාපාරයක් කිරීම සඳහා තිබෙන පහසුකම් ටික අපේ රටේ ඉවත්වෙලා තිබෙනවා.පාගා කොමිස් අල්ලස් සංස්කෘතියෙන් බැහැර වෙන්නට ඕනේ ව්‍යවසායකයින්ට අනුමැතිය ලබා ගන්න පුළුවන් වන්ස්ටොප් ශෝප්ස් බිහි හාරන්න ඕනේ "

ඇතැම් අපේක්ෂකයින් ලබාදෙන පොරොන්දු ඉටු කළ හොත් රට යළි අර්බුදයකට පත් වන බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ලබන වසරේ සිට නව රැකියා ලක්‍ෂයක් බිහි කරන බවයි. 

"මගේ පලවෙනි ප්‍රතිපත්තිය තමයි අපි ඇති කරපු ස්ථාවරබාවය තහවුරු කරන්න  .දෙයක් නැතිවුනහම හොද පදනමකින් අපහු අපි හදන්න ඕනේ. අත්තිවාරම දිහා බලලා අඩු පාඩු හදාගෙන . මටත් ඕනේ එහෙම කරන්න. එක තමයි මම වරම ඉල්ලන්නේ.  ඒ වරම ඉල්ලන්නේ. ජිවන බර තවත් සැහැල්ලු කරන්න. රුපියල ශක්තිමත් වෙන්න් ශක්තිමත් වෙන්න්  බදු මිළ අඩු වුනා. මං ඉන්නේ තවත් රුපියල ශක්තිමත් කරන්න. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න. එතකොට බදු බර  ජීවන බර සැහැල්ලු කරන්න. වෙන මාර්ගයක් නැහැ. අනුරයි සජිත් කියනවා බදු අඩු කරනවා ලු. බදු අඩු කරහම අදායම අඩු වෙනවා.. ඉතින් මොකද .ඕකනේ ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති කරේ. බදු අඩු කරා පෝලිමේ හිටියා . අපහු රුපියල 370වට යන්න ඔනෙද ? 400යට යන්න ඕනෙද නැති කර ගන්න ඕනෙද අන්න එකයි කියන්නේ නිකන් බොරු කියන්න එපා කියලා කියනවා ඒ අයට අපිට තියන රුපියල ශක්තිමත්. දෙවනුව මට ඕනේ රැකියා ලබලා දෙන්න  අවුරුදු 4ක් රැකියා නෑ .එන අවුරුද්දේ රැකියා ලක්ෂයක් ලබලා දෙන්නයි ඕනේ  "

තමන් කිසිවිටෙක ඉටු කළ නොහැකි පොරොන්දු ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දියුණු රටක් බිහි කළ හැකි වැඩපිළිවෙළ තමන් සතු බවයි.