තායිවානය ඈඳා ගැනීමේ චීනයේ අභිලාෂය භෞමික අඛණ්ඩතාවයෙන් නොව, ආධිපත්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා නීති වෙනස් කිරීමක් බව තායිවානයේ ජනාධිපති ලායි චිං-ටේ ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රාදේශීය ප්රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ලායි පැවසුවේ තායිවානය ආක්‍රමණය කිරීමේ චීනයේ චේතනාව සැබවින්ම භෞමික අඛණ්ඩතාව ගැන නම්, එය 19 වන සියවසේදී රුසියාවට පවරා දුන් ඉඩම් නැවත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
තායිවානය සඳහා ජාත්‍යන්තරයේම සහයෝගය පවතින බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.
තායිවාන් සමුද්‍ර සන්ධි සම්බන්ධයෙන් පවතින අර්බුධය තායිවානය සහ චීනය අතර පමණක් නොව ඉන්දු පැසිෆික් කලාපයට සහ මුළු ලෝකයටම පවා ප්‍රශ්නයක් බව ද තායිවානයේ ජනාධිපති ලායි චිං-ටේ පවසා තිබෙනවා.
යුක්රේනය සමඟ ඇති යුද්ධය මධ්‍යයේ, රුසියාවේ දුර්වලම කාලය දැන් පැමිණ ඇති බැවින් චිං රාජවංශයේ අයිගුන් ගිවිසුමෙන් චීනයට පවරා දුන් ඉඩම් දැන් චීනයට ආපසු ඉල්ලා සිටිය හැකි බව ද ඔහු පැවසුවා.
නමුත් චීනය එසේ නොකළ බවයි ලායි සඳහන් කළේ.
තායිවානය ආක්‍රමණය කිරීමේ අභිප්‍රාය භෞමික අවශ්‍යතා පිළිබඳ නොවන බව මෙයින් පැහැදිලිවම පෙන්නුම් කරන බව ද තායිවාන ජනාධිපතිවරයා පවසනවා.