Saturday, November 30, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ධූරවලින් ඉවතට




රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඔවුන් දැරූ ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වරාය හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් එම රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) අ ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත හිමි වී ඇති බලතල ප්‍රකාරව ඔවුන් එම රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.