Friday, November 29, 2024

General line - 0115112241

පූර්ණ ටෙස්ට් තරඟාවලි පරාජයකින් ගැලවීමේ අරමුණින්  ශ්‍රී ලංකාව අද පිටියට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.

ඒ, එංගලන්තයේ ඕවල් පිටියේදීයි. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළ කුසල් මෙන්ඩිස් මෙම තරඟය සඳහා නැවතත් කණ්ඩායමට කැඳවීමට නියමිත අතර පළමු තරඟ දෙකේදී අසාර්ථක වූ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්කට අද තරඟයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. 

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟ දෙකම ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරඟාවලි පරාජයකින් ගැලවීමේ අරමුණින් යුතුව මෙම තරඟයට පිවිසෙනවා.

එමෙන්ම ඕවල් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරන්නේ වසර 26කට පසුවයි.

1998 වසරේදී ඕවල් පිටියේ පැවති ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව කඩුලු 10කින් එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ඓතිහාසික ජයක් අත් කර ගත්තා.

එහිදී විශේෂිත පන්දු යැවීමක නිරත වූ මුත්තයියා මුරලිදරන් ඉනිම දෙකේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 16ක් බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරන වුණා.