Friday, November 29, 2024

General line - 0115112241

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්




තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, අද සිට හෙට දිනයේ උදෑසන කාලය වන තෙක් වලංගු වන පරිදියි.

ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60ත් 65ත් අතර පරාසයක වැඩි වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50ත් 55ත් අතර පරාසයක වැඩි විය හැකියි. 

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අද දිනයේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.