Friday, November 29, 2024

General line - 0115112241

මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු යළි මෙරටට




මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අතරට පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත්. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මැදිහත් වී ඇත්තේ ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයයි.             

එම පිරිස මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත්, තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී. 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි

ගුවන්තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ගේ තොරතුරු සටහන් කර ගැනීමෙන් පසුව නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.