Friday, November 29, 2024

General line - 0115112241

තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවල සිදුවන වෙනස ගැන නාමල් කතා කරයි




ජනතා සේවාවන් පහසු කිරීමට නම් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීම කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

තම රජයක් යටතේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයට ලක් කරන බවයි කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ඇතැම් මන්ත්‍රීවරුන් වෙනත් දේශපාලන පක්ෂ සමඟ එකතු වුවද පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් වෙනස් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.