Friday, November 29, 2024

General line - 0115112241

කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.    

ඒ, ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි ඉන්දීය ජාතික පුද්ගලයෙකු වන අතර ඔහු ව්‍යාපාරික ගුවන් මගියෙකු ලෙස ඉකුත් 06 වනදා චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ඊයේ පස්වරුවේ නැවත බැංගලෝර් වෙත පිටත්ව යෑම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ කලිසම් සාක්කුවක් තුළ කුඩා බෑගයක කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 158ක් බරැති රන් බිස්කට් 09ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03ක් සඟවා ගෙන සිටියදී සොයාගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයෙහි තිබූ රන් බිස්කට් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.