තම රජයක් යටතේ ජනතාවට සහන ලබාදීමට මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොලොන්නාවේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම බව සඳහන් කළා.
තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක් වූයේ ඔහුගේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
සමගි ජන බලවේග රජයක් යටතේ පොදු මහජනතාවට සහන රැසක් ලබා දීමට හැකිවනු ඇති බවයි කොලොන්නාවේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.