Friday, November 29, 2024

General line - 0115112241

ඉදිරි වසර 05 සඳහා ජනපති රනිල්ගේ ප්‍රධාන සැලසුම




ජීවන බර සැහැල්ලු කරමින් රැකියා ලබාදී අපනයන ආර්ථිකයකට රට ගෙන යාම තමන්ගේ ඉදිරි වසර 05 තුළ ඇති ප්‍රධාන සැලසුම බව ජනාධිපති ධුර අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ කාන්තා සවිබල ගැන්වීමේ පනත තුළින් ඉදිරි කාලය තුළදී කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කරන බවයි.


උතුරෙත් දකුණෙත් ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් ලබාදිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ගැටළු විසඳා ගැනීමට නම් ඉදිරි වසර 05 සඳහාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබාදෙන ලෙසයි.