Friday, November 29, 2024

General line - 0115112241

ලබන විසි එක් වනදායින් පසු රටින් යන පිරිසක් ගැන අනාවරණයක්




ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ ලබන 21 වනදා රටින් පිටවී යාම සඳහා මේ වනවිටත් වීසා ලබාගෙන ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. 


ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිටත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.