වසර 10ක් තුළ අදියර කිහිපයක් යටතේ රටේ ආර්ථිකය නගා සිටුවන වැඩපිළිවෙල තමන් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපෙක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපෙක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.