Friday, November 29, 2024

General line - 0115112241

සිමෙන්ති සඳහා අඩු කළ සෙස් බද්දෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් නැ ඉදිකිරීම් සංගමයක් කියයි




ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් හිමි නොවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එම් ඩී පෝල් මහතා පැවසුවේ යම් භාණ්ඩයක මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍යංශය විසින් මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බවයි.


රටේ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද සැප්තැම්බර් මස 06 වනදා සිට රුපියලකින් අඩු කිරීමටයි රජය පියවර ගනු ලැබුවේ.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4ක් දක්වා අඩු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.