Sunday, September 29, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත් කරයි




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නම් කිරීම සිදුකර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධූරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන අවශ්‍ය වන අතර නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් අනතුරුව ලබන මස 09වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් වනවා.