Sunday, September 29, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත හිටපු ඇමති වෙල්ගමගේගේ දේහය මතුගම ඔහුගේ නිවසට




හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය අද මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ අද තැන්පත් කෙරුණා.

එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් ද එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා මතුගම පිහිටි එතුමාගේ නිවසට පැමිණ සිටියා. 

එම අවස්ථාවට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඔහුගේ අභාවය විශාල පාඩුවක් බවයි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ පියල් නිශාන්ත ද මෙලෙස අදහස් පල කළා.

අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට පස්වරු 04.00ට මතුගම මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතයි.